Free UK delivery on all orders over £100 (up to 10Kg)

Exclusive discounts on bulk orders of 5+ copies! Contact us before placing your order.

චෙම්මනි Chemmani

Sep 11, 2025 | Blog | 0 comments

තරිඳු ජයවර්ධන, M.F.M. ෆසීර්, තරිඳු උඩුවරගෙදර
චෙම්මනි Chemmani
මගහැරුණු සත්‍යයත්, අහිමි වූ යුක්තියත්

චෙම්මනි ප්‍රදේශයේ සැරිසරා තොරතුරු රැස් කිරීමෙන් පසු තමන්ට පෞද්ගලිකව ඇතිවූ හැගීම් කැටිකොට දක්වමින් ඉතා සංයමයකින් රචිත චෙම්මනි කෘතියේ අභිමතාර්ථය, අගතියට පත් වූවන්ට යුක්තිය ඉටු කිරීම බව රචකයෝ කියා සිටිති. ශ්‍රී ලාංකික ඉතිහාසයේ අඳුරු පැල්ලම් අතර කැපී පෙනෙන චෙම්මනි ගැන තොරතුරු හෙළි වූයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුවත් සමගය.

සරල විස්තරයකින් මිදී රචකයෝ ඉතා දක්ෂ ලෙස චෙම්මනි සමුහ මිනීවල පිළිබද පවතින ඇසින් දුටු සාක්ෂි, නඩු වාර්තා, අධිකරණයට ඉදිරිපත් වූ සාක්ෂි, නීතිමය හා මානව හිමිකම් වාර්තා, මාධ්‍ය වාර්තා, සහ බොහෝ විට නොඇසෙන දේශීය ජන කථා මුලාශ්‍ර කරගෙන විශිෂ්ඨ වාර්තාවක් ඉදිරිපත් කිරීමට සමත්ව ඇත.


මානව හිමිකම් කඩකිරීම්

ශ්‍රී ලංකාවේ සිවිල් යුධ සමයේ සිදුවූ මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ සම්පිණ්ඩනයක් ලෙස සැලකිය හැකි මෙම කෘතිය මානව මනෝභාවය ඉස්මතු කරමින් යුක්තිය සහ සාධාරණය පිළිබඳ ස්වයං විවේචනයක නියැලීමට පාඨකයා පොළඹවයි. අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ දුක්බර කථා හා මතකයන් ඉදිරිපත් කිරීමෙන් කියවන්නාට, සිදුවූ මනුෂ්‍ය ඛේදවාචකයේ ගැඹුරත්, රාජ්‍ය යාන්ත්‍රණය තමන්ට හිමි වගවීම සහ වගකීම මගහැරීම තුළින්, යුක්තිය ඉටු කරගැනීම සඳහා, අගතියට පත් වූ පාර්ශව මුහුණ  පා සිටින දුක්ඛිත තත්ත්වයත් මැනවින් හෙළි කරයි. 

“චෙම්මනිවල යට වී සිටින මිනිසුන්ටත්, ඒ යට වී සිටින්නේ තමන්ගේ ඥාතීන්දැයි සොයා යන අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ටත් යුක්තිය ඉටු කිරීමට නම්, අප ඉන් එහා දෙයක් කළ යුතුය.

Page 9

සිංහල පාඨකයාට නැවුම් අත්දැකීමක්

සිංහල පාඨකයා වෙත ද්‍රවිඩ ජනකොටසකට වූ අසාධාරණයක් ඍජුව යොමු කරමින්, පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව කෙරෙහි තිබු පීඩනයත්, මානවීය ගැටළු වලදී ජාති භේදයකින් තොරව යුක්තිය ඉටු කරවා ගැනීම උදෙසා ශ්‍රී ලාංකික ජනතාව මුහුණ පා ඇති ඛේදනීය තත්ත්වයත්, මානවයන් ලෙස යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා සමස්ත මානව වර්ගයා මුහුණ දී ඇති අභියෝගයත්, පුළුල් සාකච්ඡාවකට ලක් කිරීමට චෙම්මනි දරා ඇති උත්සාහය අගය කළ යුතුය.

දේශපාලන, නීතිමය හා මානව හිමිකම් සාකච්ඡා වල සහ දේශීය මට්ටමේ සංහිඳියා යාන්ත්‍රණයක් ගොඩ නැගීමේදී අවධානයට යොමු විය යුතු බිම් මට්ටමේ කරුණු රැසක් ද මෙම කෘතිය තුළින් හඳුනා ගත හැක.

වැඩි දියුණු කළ හැකි කරුණු

සමහර අවස්ථාවල අඩු කළ හැකි තොරතුරු විශාල වශයෙන් යොදාගෙන තිබෙන බවත්, වාර්තාමය ස්වරූපය, විමර්ශනාත්මක විද්‍යාත්මක විග්‍රහය සීමිත වීම සහ ප්‍රස්තුතයේ ඇති සංවේදීභාවය හේතුවෙන්, පොතේ විමර්ශනය මත එක් පාර්ශවයකට වැඩි අවධානය යොමු වී ඇති බවත් පාඨකයාට හැගී යා හැකිය.

අගය කළ යුතු උත්සාහයක්

මගහැරුණු සත්‍යයත්, අහිමි වූ යුක්තියත්“, වෙනුවෙන් මට සිලිටු එහෙත් ඉතා හැඟුම්බර ස්වරයකින් රචිත “චෙම්මනි,” රාජ්‍ය වගවීම පැහැර හැරීම, යුක්තිය පසිඳලීමේ ඇති දුර්වලතා සහ මානව ඛේදවාචකයක් සාකච්ඡා කරන අතර සත්‍යය හා මනුෂ්‍ය හිමිකම් පිළිබඳ ගැඹුරින් සිතන ලෙස පාඨකයාට බල කරයි.

චෙම්මනි යනු සාමාන්‍ය වාර්තාවක් නොව ශ්‍රී ලාංකික මනුෂ්‍ය ඛේදවාචකය පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගෙන යෑමට දරන උත්සාහයක් ලෙස හැඳින්විය හැක.

Select your currency
USD United States (US) dollar