අම්බලන්ගොඩ කලුවඩුමුල්ල ශ්‍රී විජයාරාමය ප්‍රසිද්ධව ඇත්තේ ලී කැටයම් පන්සල ලෙසය. දෙස් වීදෙස් ජනතාවගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වී ඇති ශ්‍රී විජයාරාමය අද වන විට අම්බලන්ගොඩ සංචාරයේ යෙදෙන්නෙකු නැරඹිය යුතුම තැනක් බවට පත්ව තිබේ.

සියවස් තුනක පමණ ඉතිහාසයක් ඇති මෙම විහාරය, බුද්ධෝපහාරය නව මාවතකට ගෙනයමින් බුද්ධ වන්දනාව සෞන්දර්ය ආශ්වාදයක් බවට පත්කර ඇත. අම්බලන්ගොඩට අවේනික ලී කැටයම් කලාව යොදා ගනිමින් බුදු බැතිය වර්ධනය කිරීම අරමුණ කරගත් ශ්‍රී විජයාරාම පුනරුදයේ නියමුවා ලෙස එහි වත්මන් විහාරාධිපති රුහුණු සරසවියේ සේවා සම්මත මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි හඳුන්වා දිය හැක.
වසර 300 කට ආසන්න ඉතිහාසයක් ඇති අම්බලන්ගොඩ කලුවඩුමුල්ල ශ්‍රී විජයාරාමය බිහිවුයේ 1728 වසරේදී පමණ ය. මෙම පැරැණි විහාරය නව සංකල්පනාවකට අනුව ප්‍රතිනිර්මාණය කරමින්න් විලේගොඩ අරියදේව හිමි බුදු බැතිය පරිසරයට හා සමාජයට සමීප සෞන්දර්යාත්මක ආශ්වාදයක් බවට පත් කරනුයේ සරළ නමුත් ගැඹුරු තේමා රැසක් ජන ජීවිතයට ලඟා කරදෙමිනි.

සම්ප්‍රදායික විහාර ආකෘතිය වෙනස් කරමින් මෙහි සිදුකර ඇති නිර්මාණ නිසා ශ්‍රී විජයාරාමය වර්තමාන ලාංකේය විහාර කර්මාන්තයට නව අත්දැකීමක් එක් කරයි. බෝ මැඩ වටා රන්වැට ඉදි කිරීම ප්‍රචලිත වෙද්දී සිරි විජයාරාමයේ බෝධීන් වහන්සේ පුද ලබන්නේ පාත්‍රාකාර ඝරයකිනි. එමගින් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සිරිමා බෝධිය වැඩම වූ අයුරු බැති සිත තුළ ප්‍රතිනිර්මාණය කරයි. ශ්‍රී විජයාරාමයේ බුදු කුටියට ඇතුළු වන පුද්ගලයෙකුට සිහිපත් වන්නේ වනගත පරිසරයකි. බුදු සමය කේතරම් පරිසරයට සමීප දහමක් දැයි පසන් කරමින් බෝ මැඩ වැඩ සිටින පිළිම වහන්සේ විරාජමාන වේ.
අම්බලන්ගොඩ වෙස් කලාව, කැටයම් ශිල්පය, අනුරාධපුර පොළොන්නරු ගල් කැටයම් කලාව මෙන්ම උඩරට කැටයම් කලාව මනා සංකලනයකට ලක් කරමින් ශ්‍රී විජයාරාමය එහි පියනගන ඕනෑම පුද්ගලයෙකු ශ්‍රී ලංකික කලා පුරවෘතයක ගෙන යයි. වර්තමාන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම දැව මුවා බුදු පිළිම දැකිය හැකි ස්ථානය ලෙස ශ්‍රී විජයාරාමය හැඳින්වීමේ වරදක් නැත. බුදු පිළිම කලාවේ විකාශයන සහ මුද්‍රා පිළිබිඹු කෙරෙන දැව මුවා පිළිම කෞතුකාගාරයක් ලෙසද ශ්‍රී විජයාරාමය හැඳින්විය හැක.
කැටයම් කලා අරාමය ශ්‍රී විජයාරාමයේ මේ පොහොසත් කලා උරුමය ග්‍රන්ථාරූඪ කල අවස්ථාවකි. ඉංග්‍රීසි සිංහල දෙබසින්ම විස්තර කථනය සහිත කැටයම් කලා ආරාමය ශ්‍රී ලාංකීය කලා සම්ප්‍රදායන් හඳුනවා දෙන කැඩපතකි.
කැටයම් කලා ආරාමය Katayam Kala Aramaya
කැටයම් කලා ආරාමය Katayam Kala Aramaya
In stock – More available on backorder. Please allow up to 4 weeks for backorder items.